
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞදි අරාබියේ දැඩි උණුසුම හේතුවෙන් හජ් වන්දනාවේදී මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
බ්‍රහස්පතින්දා වාර්තා වූ නව මරණවලට ඊජිප්තුවෙන් 58 ක් ඇතුළත් වූ අතර, මෙතෙක් මියගිය ඊජිප්තු ජාතිකයන් 658 න් 630 ක් ලියාපදිංචි නොකළ වන්දනාකරුවන් බව පැවැසේ.
වන්දනාව අතරතුර රටවල් 10ක පමණ වන්දනාකරුවන් 1,081 ක් මරණයට පත්ව ඇති බව වාර්තා අනාවරණය කරයි.
හජ් වන්දනාව ඉස්ලාමයේ කුළුණු පහෙන් එකක් වන අතර, එය සියලු මුස්ලිම්වරුන් අවම වශයෙන් එක් වරක්වත් සම්පූර්ණ කළ යුතුය.
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය මේ සතියේ මක්කම ප්‍රධාන පල්ලිය අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.8ක (ෆැරන්හයිට් 125) ඉහළ අගයක් වාර්තා කළේය.
පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද සෞදි අධ්‍යයනයකින් කියැවුණේ ප්‍රදේශයේ උෂ්ණත්වය සෑම දශකයකටම සෙල්සියස් අංශක 0.4කින් ඉහළ යන බවයි.
සෑම වසරකම වන්දනාකරුවන් දස දහස් ගණනක් අවිධිමත් මාර්ග හරහා හජ් වන්දනාවට සම්බන්ධ වීමට උත්සාහ කරන්නේ බොහෝ විට මිල අධික නිල බලපත්‍ර ලබාගැනීමට ඔවුන්ට නොහැකි බැවිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart