
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ෆෝර්බ්ස් සඟරාව නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබේ.
එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ශාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300කි.
මෑතකදී තිරගතවූ ජවාන් සහ පතාන් චිත්‍රපට ලොව පුරා කෝටි 2000 කට වැඩි අදායමක් උපයා ගැනීමට සමත් වීමත් සමඟ බොලිවුඩයේ ඔහුගේ ආධිපත්‍ය තවත් තහවුරු වී ඇතැයි ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කරයි.
ඉන්දියාවේ ධනවත්ම නළුවන් අතර දෙවැනි ස්ථානය සලමන් ඛාන් පසුවන අතර ඔහුගේ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 2900 කි.
ධනවත්ම නළුවන් ලැයිස්තුවේ තෙවැනි ස්ථානය අක්ෂේ කුමාර්ට හිමිවන අතර ඔහුගේ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 2500 කි.
ඉන්දියාවේ ධනවත්ම නළුවන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන සල්මන් ඛාන්ට සහ අක්ශේ කුමාර්ට හිමිවුණත් චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරනු ලබන නළුවන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් හිමිව ඇත්තේ රජිනිකාන්ත්ට සහ ජෝශප් විජේටය.
රජිනිකාන්ත් එක් චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 150 – 210 ත් අතරවේ. තලපති විජේ එක් චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ඉන්දීය රුපියල් කෝටි 130 – 200 ත් අතර වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart