
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් මෙනවිය සිය පෙම් සිහිනය සැබෑ කරගනිමින් දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකු වන ආර්. ප්‍රශාන් මහතා සමග ඊයේ (17) යුග දිවියට පිවිසියාය.
ඔවුන්ගේ මංගල උත්සවය චෙන්නායි නිවි අයිලන්ඩිස් හෝටලයේදී පැවැත්විණි
ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පිටියේ පෙරළිකාර ක්‍රීඩිකාවක් වන තර්ජනී 45 හැවිරිදි පසුවන අතර ඇයගේ උස අඩි හයයි අගල් දහයකි
2019 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් ඇස් කරගත් ක්‍රීඩිකාව වූ ඇය 2011 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ හොඳම විඳින්නිය ලෙස සම්මානයට ද පාත්‍ර වූවාය
2009 දී වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම ක් නියෝජනය කළ තර්ජනී 2018 2022 වසර වල ආසියානු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මහඟු මෙහෙයක් කළාය ඇය ක්‍රීඩා කළ 2012 2014 සහ 2016 වසර වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ අනුශූරියෝ බවට පත්වූහ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart