
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය, මන්දගායි රෝහලේ තරුණ වෛද්‍යවරයකු රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය නිල කාමරයේ නිදන ඇද මත අබිරහස් ලෙස මියගොස් සිටියදී පේදුරුතුඩුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (12) දහවල් සොයාගනු ලැබීය.
මියගොස් ඇත්තේ ප්‍රේමානන්ද රාසා නමැති 30 හැවිරිදි අවිවාහක වෛද්‍යවරයෙකි.
මෙම වෛද්‍යවරයා පසුගිය දහවැනිදා සේවා කටයුතු නිමකර පිටව ගොස් ඇතත් නියමිත පරිදි පෙරේදා රාජකාරියට වාර්තා කර නොමැති බව හෙළිවී ඇත.
හිතවත් වෛද්‍යවරයකු ඒ ගැන විපරම් කර බැලීමට නිල කාමරයට ගොස් නම කියා කිහිපවරක් කතා කළත් ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා දොර කඩා ඇතුළුවීමේදී පේමානන්ද රාශා නිදන කාමරයේ ඇඳ මත උඩුබැලි අතට වැටී මියගොස් සිටින අයුරු දැක ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම වෛද්‍යවරයාගේ නාසයෙන් ලේ ගලාගොස් තිබෙන අයුරු ද දැකගැනීමට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පේදුරුතුඩුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කේ. වාසුදේවන් එම රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබේ.
රෝගීන්ට සැත්කම්වලදී දෙන ඖෂධයක් අධිමාත්‍රාවකින් ලබාගැනීම නිසා මෙම මරණය සිදු වී ඇති බව සඳහන් කරමින් අධිකරණ වෛද්‍යවරයා වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.
පවුලේ සමීපතම ඥාතීන්ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමේදී මෙය සැකකටයුතු මරණයක් නොවන බවට ඔවුන් ප්‍රකාශ කර සිටියේ යැයි පොලිසිය කියයි.
වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මවගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර තම පුතා තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් ඒ නිසා හටගත් සිත් තැවුලක් මත මෙවැන්නක් කරගන්නට ඇති බවට ඇය පොලිසියට ප්‍රකාශ කර ඇති බවත් කියයි.
කොළඹ ප්‍රැන්සිස් මාවතේ පදිංචිව සිට ඇති මෙම වෛද්‍යවරයා පසුව යාපනය තිරුගල්වෙලි ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවට අනාවරණය වීයැයි ද පොලිසිය කියයි.
පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කළ බව පේදුරුතුඩුව මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart