
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිලිපීනයේ ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් එරට හමුදාව සීරුවෙන් තබා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව එරට උතුරු හමුදා ඒකකයට පවසා ඇත්තේ තායිවානය සහ චීනය අතර ආතතීන් උත්සන්න වීම මධ්‍යයේ ඕනෑම සිදුවීමකට සූදානම්ව සිටින ලෙසයි.
චීන – තායිවාන අර්බුධය උත්සන්න වීම මධ්‍යයේ පිලිපීනය හමුවේ ඇති තර්ජනයක් පිළිබඳව ද ජනාධිපතිවරයා හමුදාවට අනතුරු අගවා ඇතැයි වාර්තා වේ
පිලිපීනය තායිවානය සමග සමීප වී සිටීම සම්බන්ධයෙන් චීනය දැඩි අවධානයෙන් පසුවන බව ද පිලිපීන ජනාධිපතිවරයා එරට හමුදාවට පවසා තිබේ.
චීන පරිපාලනය විසින් තායිවානය සලකනු ලබන්නේ අවශ්‍ය නම් බලහත්කාරයෙන් යලි සිය රටට ඈඳා ගත හැකි කොටසක් ලෙසයි.
අමෙරිකාව ඇතුළු බොහෝ රටවල් තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළි නොගන්නා නමුත් වොෂින්ටනය සහ එහි සමීප රාජ්‍යන් චීනය විසින් තායිවානය බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ ඕනෑම උත්සාහයකට විරුද්ධ වේ.
අග්නිදිග ආසියාතික ජාතිය වඩා ප්‍රකාශිත බාහිර තර්ජනයකට සූදානම් විය යුතු බව පිලිපීන ජනාධිපතිවරයා උපුටා දක්වමින් ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.
පිලිපීනය එහි සුවිශේෂී ආර්ථික කලාපය ඇතුළු ස්වෛරී භූමියේ රේඛා නැවත ඇඳීමට උත්සාහ නොකළ අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලී සිටින අතරතුර රට ආරක්ෂා කිරීමට කැපවී සිටින බව ද ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් පැවසීය.
කෙසේවෙතත් පිලිපීනය ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එරට චීන තානාපති කාර්යාලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart