
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරිවාස දෙපාරිතමේන්තුවට අයත් මහනුවර ප්‍රදේශයේ ළමා රැදවුම් මධ්‍යස්ථානයක පාලිකාවක එහි රඳවා සිටින දැරියන් ලිංගික කටයුතු සදහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් මුදල් උපයා ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු විමර්ශන ඇරඹූ බව පොලිසිය කියයි.
මඩාටුගම පොලිස් වසමේ පදිංචි 17 හැවිරිදි දැරියක ඉකුත් 8 වැනිදා රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට කර ඇති පැමිණිල්ලකට අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.
එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් කිහිපදෙනකුම සිටින අතර වින්දිත දැරියන් 30ක් පමණ එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව ද වාර්තා වේ.
එම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ පාලිකාවන් අතර සිටින පාලිකාවක අවස්ථා කිහිපයක දී වින්දිත දැරියන් ලිංගික කටයුතු සඳහා පිරිමින්ට මුදලට අලෙවි කර ඇති බවටත්, එම රැඳවුම් මධ්‍යස්ථානයේදීම ඔවුන්ට අවශ්‍ය කාමර පහසුකම් ලබාදීමට ද මෙම පාලිකාව කටයුතු කර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
අදාළ පාලිකාව එහි එක් දැරියක ඉකුත් අප්‍රේල් මාසයේදී යෙදී තිබූ අලුත් අවුරුදු සමයේ මෙලෙස පිරිමි 6 දෙනකුට මුදලට අලෙවි කර මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
පැමිණිලිකාර වින්දිත දැරියගේ ආරක්ෂාව සඳහා එම දැරිය මේ වනවිට මඩාටුගම පොලිස් ස්ථානය භාරයේ රඳවාගෙන සිටින අතර අධීකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එම දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට යොමුකිරීමට නියමිතව ඇත.
අනුරාධපුර උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව මඩාටුගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ මඩාටුගම පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මූලික විමර්ශන ආරම්භ කර වැඩිදුර විමර්ශන වෙලම්බොඩ පොලිස් ස්ථානයට බාරදී ඇත. (ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart