
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර බන්ධනාගාරය තුළදී ‘කුකුල් චමින්ද’ නම් පුද්ගලයාට කිසිදු පහරදීමක් සිදුව නැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සිඟිත්තියකට වරින්වර අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එම්.කේ. චමින්ද නොහොත් ‘කුකුල් චමින්ද’ යන සැකකරුට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී, රැඳවියන් පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට පසුගිය 07වැනිදා ඇතුළත් කළ බව අනුරාධපුර පොලිසිය පවසා තිබිණි.
මුණසිංහ කොඩිකාරලාගේ චමින්ද නොහොත් ‘කුකුල් චමින්ද’ නම් මෙම සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ බන්ධනාගාර නිලධාරීනගේ ආරක්ෂාව යටතේ නේවාසිකව රඳවා සිටි අතර, ඊයේ (08) දින නැවත අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වාර්තාවක් කැඳවා ඇති අතර, බන්ධනාගාරය තුළදී සැකකරුට නේවාසිකියින් විසින් කිසිදු පහරදීමක් සිදුකර නොමැති බව වාර්තා කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායාක සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart