
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ Mandi නගරයට භාරතීය ජනතා පක්ෂයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ගනා රනවුට් (Kangana Ranaut) චන්දිගාර් ගුවන් තොටුපළේ ආරක්ෂක පරීක්ෂාවකදී ඉන්දීය මධ්‍යම සන්නද්ධ පොලිස් බලකායේ කොස්තාපල්වරියක් කම්මුල් පහරක් එල්ල කර තිබේ.
මෙම සිද්ධිය ඉන්දියාව තුළ සිරස්තල මැවූ පුවතක් බවට පත්ව ඇත.
එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ගනාට කම්මුල් පහරක් එල්ල කර ඇත්තේ කුල්වින්දර් කෞර් නම් කාන්තා කොස්තාපල්වරියක්.
සිද්ධියට අදාළ වීඩියෝ පටයක් ඉන්දියාවේ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
2020 ඉන්දියාවේ පැවැති ගොවි විරෝධතාව සම්බන්ධයෙන් කන්ගනා රනවුට් සිදුකළ ප්‍රකාශයක් පහරදීමට හේතුව බව සඳහන් වෙයි.
පහරදීම සිදුකළ කොස්තාපල්වරියගේ මවද එම විරෝධතාවලට සම්බන්ධ වූ බැවින් කන්ගනාගේ ප්‍රකාශය ඇයව කලබලයට පත් කළ බව වාර්තා වේ.
පහරදීමේ සිද්ධියෙන් අනතුරුව කොස්තාපල්වරියගේ වැඩ තහනම් කර ඇති අතර ඇයව අත්අඩංගුවට ගෙන ඇත.
ඇයට එරෙහිව මූලික චෝදනා ගොනුකර ඇති අතර, මධ්‍යම කාර්මික ආරක්ෂක බලකාය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ගොවීන්ගේ විරෝධතාවයේ යෙදීසිටි කාන්තාවන්ට දිල්ලි දේශසීමාවේ හිඳගැනීම සඳහා රුපියල් 100 බැගින් ගෙවන ලද බව කන්ගනා රනවුත්ගේ ප්‍රකාශ කර ඇති අතර, එහිදී කොස්තාපල්වරිය “මගේ අම්මා එහි සිටියා” යනුවෙන් පවසන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවල ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart