
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මල්වතු මහා විහාර පාර්ශ්වයේ බදුල්ල – බින්තන නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය දැරූ බදුල්ලගම්මන සුමනසාර හිමියන් එම පදවියෙන්
ඉවත් කොට ඇති බව මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාරිය පහමුනේ ශ්‍රී සුමංගල නා හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.
අප්රියකාරි ශාසන විරෝධී ක්‍රියාවල නිරතව සිටීම හේතුවෙන් මල්වතු මහා විහාරයීය සානුස්නායක කාරක මහා සංඝ සභාව එම හිමියන් මෙසේ පදවියෙන් ඉවත් කළ බවද එම නිවේදනයේ සඳහන්වේ.
බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනාවන් විකෘති කිරීම, මහා විහාර සම්ප්‍රදායන්ට හා ත්‍රිපිටක දේශනාවලට පටහැනිව බුදුන් වහන්සේ ලක්දිව ඉපදීම යනාදී සාවද්‍ය මත මතවාද ප්‍රචාරය කිරීම, මහා විහාර ගරුතර කාරක සංඝ සභාව අපහාසයට පත්කිරීම, චීවරය අවභාවිත කරමින් ශාසනය විනාශ කිරීම, මල්වතු මහා විහාරයේ කීර්තිනාමය බරපතළ ලෙස විනාශ කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ මෙම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සුමංගල හිමියන්ගේ නිවේදනයේ සඳහන්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart