
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෑකඩ රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට පෙරේදා (4) උදේ 11.00ට පමණ ඇතුළු වූ නාඳුනන පුද්ගලයකු වෛද්‍යවරියකට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජන කර ඇය පැළඳ සිටි රන්මාලය සහ රන් අත් පළඳනාව පැහැරගෙන ගොස් ඇතැයි මීගමුව, බඩල්ගම පොලිසිය පවසයි.
ප්‍රතිකාර ගැනීමේ මුවාවෙන් මෙම නාඳුනන පුද්ගලයා රෝහල් පරිශ්‍රයට ඇතුළු වී ඇතැයි පැවැසේ.
පැහැරගෙන ගිය රන්මාලයේ සහ අත් පළඳනාවේ වටිනාකම රුපියල් තුන් ලක්ෂ අසූදහසක් වන බව වෛද්‍යවරිය පැමිණිලි කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වෛද්‍යවරිය රාජකාරි කරමින් සිටි කාමරයට ඇතුළු වූ මොහු ඉනේ ගසාගෙන සිටි අවියක් පෙන්වා තර්ජනය කර රන් භාණ්ඩ පැහැරගෙන පළාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
බඩල්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart