
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිරින්ද වෙරළ තීරයේ මුහුදේ දිය නෑමට ගිය විදේශීය යුවලක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
ප්රබල රළ පහරට හසුව දියේ ගිලෙමින් සිටියදී එම පුද්ගලයන් දෙදෙනා බේරාගෙන ඇති නමුත් රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි..
මියගොස් ඇත්තේ ඉන්දීය ජාතිකයින් වන 35 හැවිරිදි පිරිමියකු සහ 33 හැවිරිදි කාන්තාවකි.
මරණයට පත්ව ඇත්තේ අඹුසැමි යුවළක් බවත්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ ශ්රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මියගිය අයගේ සිරුරු දෙබරවැව රෝහලේ තැන්පත් කර ඇති අතර කිරින්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart