
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2013 වසරේ විරෝධතාවක් අතරතුර පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවූ රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලංකා යුද හමුදාවේ සැකකරුවන් 4 දෙනකු ගම්පහ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නිදොස් කොට නිදහස් කළේය.
සිද්ධියෙන් වසර 11කට පසුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරුන් වන නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් යුද හමුදා නිලධාරියකු සහ සෙබළුන් තිදෙනෙකු නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.
2013 අගෝස්තු 01 වන දින ගම්පහ රතුපස්වල වැලිවේරිය ප්‍රදේශයේ පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්වාසීන් විසින් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් 45 දෙනෙකු තුවාල ලබා ඇත.
ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර කරන කර්මාන්ත ශාලාවකට එරෙහිව විරෝධතාවයේ නිරත වූ ගම්වාසීන්ට හමුදා භටයන් විසින් වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් එලෙස මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart