
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානියේ ඉප්ස්විච්(Ipswich Borough) කවුන්සිලයේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එලන්ගෝ එලවාලකන් (Elango Elavalakan) තේරී පත්වී ඇත.
Ipswich Borough කවුන්සිලයේ වාර්ෂික රැස්වීමේ ඒකමතික ඡන්දයෙන් පසු කම්කරු සභා මන්ත්‍රී එලන්ගෝ විසින් චාරිත්‍රානුකූල නගරාධිපති භූමිකාව භාරගෙන ඇත.
“ඉප්ස්විච් මගේ නිවසයි. මෙය මගේ නගරය වන අතර මෙම භූමිකාව භාර ගැනීමට ලැබීම මහත් ගෞරවයක්.” යැයි එලන්ගෝ වැඩ භාරගනිමින් ප්‍රකාශ කර ඇත.
එලවාලකන් අඩවි ඉංජිනේරුවකු සහ අඩවි කළමනාකරුවකු වන අතර ලංකාවේ ඉපදී හැදී වැඩුණු පසු ඔහුගේ රැකියාව ඔහුව ලොව පුරා ගෙන ගියේය.
ඔහු අප්‍රිකාවේ – උගන්ඩාවේ සේවය කළ අතර, 1990 ගණන්වල ජන සංහාරයෙන් පසු රුවන්ඩාව යළි ගොඩනැගීමේ ප්‍රධාන ව්‍යාපෘති සඳහා ඔහු සේවය කළේය.
2006 දී ඔහුගේ බිරිඳ මැංචුලා සමඟ එක්සත් රාජධානියේ පදිංචි වීමට පැමිණ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart