
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් සතුන් රංචුවක් අදාළ සත්ත්ව භාරකරු වෙත යළි භාරදීමට අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
පෙත්සම්කාර ශෆීක් ෂුයිල්ට එරෙහිව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග කිරීම මෙම රිට් අයදුම්පත අවසන් වනතුරු අත්හිටුවමින් අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තවදුරටත් අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
තමා කුඩා කල සිටම සතුන්ගේ සුබසාධනය කෙරෙහි දැඩි උනන්දුවක් සැමවිටම දැක්වූ බව පෙත්සම්කරු පවසයි.
කොළඹ 15, අලුත් මාවතේ තමා හැදී වැඩුණු නිවසේ සුරතල් සතුන් ඇති දැඩි කොට රැකබලා ගත් බවත්, එම සතුන්ට අයත් පක්ෂීන්, උරගයන් ඇතුළු සතුන් කිහිපදෙනකු වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පෙත්සම්කරු පෙන්වාදෙයි.
එම සියලුම සතුන් සුරතල් සතුන් අලෙවි කරන වෙළඳසැල් හරහා මිලදී ගත් බවද පෙත්සම්කරු සඳහන් කරයි.
පෙත්සම්කරු අධ්‍යාපනය තුළින් පරිසරය ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීමට උත්සාහ කරන රාජ්‍ය නොවන, ලාභ නොලබන, ස්වේච්ඡා තරුණ සංවිධානයක් වන ශ්‍රී ලංකා තරුණ සත්ව විද්‍යා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart