
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පෙරදා (15) පස්වරුවේ රාජ්‍ය ඇමැති කාර්යාලයට මෙම තර්ජනාත්මක දුරකථන ඇමතුම ලැබී ඇති බව වාර්තා වේ.
මෙම නිර්නාමික ඇමතුම්කරු සේමසිංහට තර්ජනය කර ඇත්තේ, ඉදිරි මැතිවරණයට තරග කිරීමට ඉඩ නොදෙන බව පවසමිනි.
එම තර්ජනය නොසලකා හැරියහොත් රාජ්‍ය ඇමැතිවරයා ඝාතනය කරන බව පවසා ඇත.
ඒ අනුව රාජ්‍ය ඇමැති සේමසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ කොටුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව රාජ්‍ය ඇමැතිවරයාගේ මාධ්‍ය අංශය තහවුරු කරයි.
මේ අතර, හබරණ ප්‍රදේශයේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා අනාවරණ කළේ, පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් පසුව අනෙකුත් මැතිවරණ පවත්වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart