
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එරට ආරක්ෂක ඇමැතිවරයා ධූරයෙන් ඉවත් කර තිබේ.
එලෙස ඉවත් කර ඇත්තේ පුටුන්ගේ දිගුකාලීන මිත්‍රයෙකු වූ සර්ජි ෂොයිගු ය.
ඒ වෙනුවට රුසියාවේ නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රි බෙලූසොව් නව ආර්කෂක ඇමැතිවරයා ලෙස පත්කිරීමට සූදානම් බව ක්‍රෙම්ලිනය නිවේදනය කර ඇත.
මේ වනවිට 68 හැවිරිදි වියේ පසුවන සර්ජි ෂොයිගු 2012 වසරේ සිට රුසියාවේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කරයි.
2014 දී ක්‍රිමියාව අල්ලා ගැනීමට මෙන්ම 2022 දී යුක්‍රේනය ආක්‍රමණය ඇරඹීම සඳහා ද රුසියානු හමුදාව මෙහෙයවනු ලැබුවේ ෂොයිගු යි.
කෙසේවෙතත් ඔහු රුසියාවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිත බව පැවසෙන නමුත් මේ දක්වා ඒ බව තහවුරු කර නැත.
ෂොයිගු, පුටින්ගේ සමීපතමයකු ලෙස සැලකෙන අතර ඔහු නිරන්තරයෙන් පුටින් සමග සර්බියාවේ දඩයම් සහ මාළු ඇල්ලීම සඳහා ද යන බව පැවසේ.
එමෙන්ම රුසියාවේ නව ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත්කිරීමට නියමිත නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රි බෙලූසොව් එරට සුප්‍රකට ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥවරයකු බව වාර්තා වෙයි.
එහෙත් ඔහුට හමුදාව පිළිබඳ හෝ එම ක්ෂ්‍රේත්‍රය පිළිබඳ කිසිඳු අත්දැකීමක් නොමැති බව පැවසේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රෙම්ලිනය පවසා ඇත්තේ රුසියානු හමුදා අංශය බලයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද සන්නද්ධ විය යුතු බවයි.
කෙසේවෙතත් නව ආරක්ෂක ඇමැතිවරයා මල්ලවපොර හා කරාටේ ක්‍රීඩාව පිළිබඳ ප්‍රවීණයෙකු බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart