
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබාදුන් ප්‍රකාශය සම්බන්ධව කඩිනමින් විමර්ශන සිදුකර අපරාධමය වරදක් කර ඇත්නම් සුදුසු පියවර ගැනීමට පියවර ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් ප්‍රකාශය සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳ වූ අවස්ථාවේදී එම නියෝගය කරනු ලැබීය.
නඩුව කැඳ වූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ප්‍රගතිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කෙරිණි.
මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ ජන අරගල ව්‍යාපාරයේ පුරවැසියෝ යන පාර්ශ්වවලින් ගොනුකර ඇති පැමිණිලි සම්බන්ධව ද මීට සමඟාමීව විමර්ශනය කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
නඩුව ජුනි 26 යළි කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart