
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුජිබර් රහුමාන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඇතිවූ පුරප්පාඩුව පිරවීම සඳහා මෙලෙස සජබ විසින් මුජිබර් රහුමාන් පත්කර ඇත.
මුජිබර් රහුමාන් වත්මන් පාර්ලිමේන්තුවට පසුගිය මහමැතිවරණයේදී තේරී පත්වූ නමුත්, පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් පාර්ලිමෙන්තුවන් ඉල්ලා අස්විය.
එහෙත් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart