
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය රටක නිෂ්පාදිත විවිධ වර්ගයේ නීතිවිරෝධී දුම්වැටි 1180ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාළව, විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.05.09 වන දින අම්බලන්තොට නගරයේ දී වැටළීමක් සිදුකර තිබේ.
එහි දී විදේශීය රටක සිට තීරුබදු රහිතව ඉතා සූක්ෂම ලෙස මෙරටට ගෙන්වන ලද නීති විරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුණු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සතුව තිබූ රුපියල් 150,000.00 කට ආසන්න වටිනාකමක් ඇති මැන්චෙස්ටර් දුම්වැටි 200 ක්, ආගෝස් දුම්වැටි 440 ක් හා ප්ලැටිනම් සෙවන් වර්ගයේ දුම්වැටි 540 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart