
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සමගි ජන බලවේගය විසින් මුජිබර් රහුමාන් නම් කර ඇති බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමඟ කියවන ලද 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය යටතේ ක්‍රියාකරන මැතිවරණ කොමිෂන් සභාව, මොහොමඩ් මුජිබර් රහුමාන් තේරී පත් වූ බව ප්‍රකාශ කර ඇත.
ඩයනා ගමගේ දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා මන්ත්‍රීවරියෙකු තෝරා පත් කරන බව එහි සඳහන් වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අවලංගු කිරීම හේතුවෙන් 2024 මැයි 08 වැනිදා සිට නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබිණි.
1981 අංක 01 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තියට අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිඛිතව මේ බව නිල වශයෙන් දැනුම් දුන් බව පවසමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (මැයි 08) තීන්දු කරන ලදී.
ඒ අනුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඩයනා ගමගේ ද්විත්ව පුරවැසිභාවය දරන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකම් නොලබන බව තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart