
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ.
මීට පෙර වායුගෝල ඇති බව සොයාගත් සියලුම බාහිර ග්‍රහලෝක වායුමය ග්‍රහලෝක මිස පාෂාණමය ග්‍රහලෝක නොනොවිණි.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ උපකරණ දෙකක් භාවිත කරමින් අධෝරක්ත නිරීක්ෂණ මගින් හඳුනාගෙන ඇති එම ග්‍රහලෝකය පෘථිවියට වඩා සැළකිව යුතු තරම් විශාල නමුත් නෙප්චූන්ට වඩා කුඩා පාෂාණමය එකකි.
අපගේ සූර්යයාට වඩා තරමක් අඩු ස්කන්ධයකින් යුතු එය සෑම පැය 18කට වරක්ම වේගයෙන් කක්ෂයක් සම්පූර්ණ කරයි.
එම ග්‍රහලෝකය සතු වායුගෝලය කාබන් ඩයොක්සයිඩ් හෝ කාබන් මොනොක්සයිඩ්වලින් පොහොසත් විය හැකි නමුත් ජල වාෂ්ප සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වෙනත් වායූන් ද තිබිය හැකි බවට තාරකා විද්‍යාඥයන් මත පළකර තිබේ.
ඔවුන් පවසන්නේ වත්මන් නිරීක්ෂණ මගින් නිශ්චිත වායුගෝලීය සංයුතිය නිශ්චය කළ නොහැකි බවයි.
නාසා හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ සහ කැල්ටෙක්හි ග්‍රහලෝක විද්‍යාඥ රෙන්යු හූ පැවසුවේ එය පෘථිවිය මෙන් ඝනකම හෝ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විෂ සහිත වායුගෝලයක් ඇති සිකුරු ග්‍රහයාගේ ඝනත්වයට වඩා ඝනකම විය හැකි බවයි.
ජීවය සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස සැළකෙන ද්‍රව ජලය තිබීමට නොහැකි තරම් උණුසුම් බැවින්,එම ග්‍රහයා වාසයට සුදුසු විය නොහැකි බව ද හූ පැවසීය.
මෙම ග්‍රහලෝකය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 41ක් පමණ ඈතින් පිහිටි අපගේ ක්ෂීරපථ මන්දාකිණියේ, කටක රාශියේය.
එම ග්‍රහලෝකය දැනට නම්කර ඇත්තේ 55 Cancri e හෝ Janssen ලෙසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart