
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලේ එළවළු බෙදාදීමේ “එළවළු දන්සැලක්” මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී ඊයේ පැවැත්විණි.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ප්‍රදේශ කිහිපයක එළවළු සහ වෙනත් ව්‍යාපාර කිහිපයකම හිමිකරුවකු වන ව්‍යාපාරික ආනන්ද විජේරත්න විසින් තෙවෙනි වතාවට මෙම එළවළු දන්සල සංවිධාන කර තිබිණි.
දන්සල තිබූ ස්ථානයේ සිට මහරගම දෙසට කිලෝ මීටරයකටත් වැඩි දුරක් මාර්ගය අයිනේ ජනතාව පෝලිම් ගැසී සිටින ආකාරය ද දක්නට ලැබිණි.
ඉකුත් කොවිඩ් වසංගත සමයේදී ද රුපියල් ලක්ෂ දහයකට ආසන්න එළවළු තොගයක් හෝමාගම ප්‍රදේශයේ ජනතාවට බෙදාදීමට ඔහු පියවර ගෙන තිබිණි.
සවස 4ට පමණ දන්සැලෙහි කටයුතු ආරම්භ කළද එළවළු ලබා ගැනීම සඳහා දන්සල පැවැත්වෙන ස්ථානයට ජනතාව දහවල් 11 සිටම පැමිණ පෙළ ගැසී සිටි ආකාරයක් දක්නට ලැබිණි.
මෙහිදී එක් අයකුට එළවළු වර්ග 16ක් අඩංගු පාර්සලයක් ලබා දීමට කටයුතු කර තිබිණි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්රමුඛ ආරාධිතයන් රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart