
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ සිට මොණරාගලට ගුද මාර්ගයේ සගවා හෙරොයින් රැගෙන එමින් සිටි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 340ක් සමග තණමල්විල පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙලස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගෙවල් බිදුම්,මංකොල්ලකෑම් ඇතුළු අපරාධ 20කට නඩු හා පැමිණිලි පවතින පානම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකාර පුද්ගලයා කාලාන්තරයක සිට කොළඹින් හෙරොයින් මත් ද්‍රව්‍ය රැගෙනවිත් මොණරාගල සිට පානම හා පොතුවිල් දක්වා හෙරොයින් බෙදාහැරිමේ ජාවාරමේ නිරත වි තිබේ.
සැකකරු දකුණු අධිවේගි මාර්ගය ඔස්සේ කොළඹ සිට මොණරාගල දක්වා ගමන් ගන්නා බස් රථයක නැග මොණරාගල දක්වා පැමිණෙමින් සිටියදී සැකකටයුතු හැසිරිම හේතුවෙන් මගියෙකු විසින් ඒ පිළිබදව තණමල්විල පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමකින් දැනුම් දී තිබේ.
ඒ අනුව තණමල්විල පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් බස් රථය නවතා සැකකටයුතු පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් පොලිස් නිළධාරීන් විසින් ඔහු පොලිස්භාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.
එහිදි සැකකරු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව හා කලක සිට හෙරොයින් ජාවාරමේ නිරත වන බවටද අනාවරණය වී ඇත.
සැකකරු තණමල්විල රෝහලට ඇතුලත් කර වැඩිදුරටත් සිදුකළ පරික්ෂාවකදි ගුදයේ සගවාගෙන තිබූ හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 340ක් සහිත කවරයක් සොයාගැනිමට පොලිසියට හැකිවිය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart