
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම පැරණි පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට ලක්වූ ශ්‍රී ලාංකිකයකු මෝල්ටා රාජ්‍යයේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
32 හැවිරිදි ශ්‍රී ලාංකික කාර්මික ශිල්පියකු වන මතිහුල් අක්මාල් මෙලෙස චෝදනාවට ලක්ව ඇත.
ඔහුගේ පැරණි පෙම්වතිය ලෙස සැළකෙන කාන්තාවක් දූෂණය කිරීම, ඇයගේ කැමැත්තට එරෙහිව ඇයව රඳවා තබා ගැනීම, එකඟ නොවන ලිංගික ක්‍රියාවකට ඇයව ලක් කිරීම, හිරිහැර කිරීම, ප්‍රචණ්ඩත්වයට බියක් ඇති කිරීම, ඇය පසුපස හඹා යාම, අපහාස හා තර්ජන එල්ල කිරීම යන චෝදනා ජාබීර්ට එල්ල වී තිබේ.
පොලිස් නිලධාරීන් මුලින් ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන විට විත්තිකරු මෝල්ටාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බව පොලිස් පරීක්ෂක ස්පිටේරි අධිකරණයට පැවසීය.
කෙසේවෙතත් ආපසු පැමිණීමේදී ඔහු රඳවා තබාගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart