
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය කවුරුන් විසින් පුරවන්නේද යන්න පිළිබඳව සමගි ජන බලවේගය ළඟදීම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් පළකරන සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙසේ පවසා ඇත.
“අපි මේ කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ළඟදීම රැස්වෙනවා. මුජිබර් රහුමාන්ට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූයේ මීට පෙර පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ඔහුව කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අප ගත් තීරණය නිසා. ඩයනා ගමගේ වෙනුවට කවුද යන්න තීරණය කිරීමේදී අපි මේ කාරණය සලකා බලනවා”.
එසේම, මෙම නඩු තීන්දුව පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතිය පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart