
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තරුණ ට්‍රක් රථ රියදුරෙකුට සිදුකළ පහරදීමකින් පසු ශල්‍යකර්මයක් සිදුකර අදාළ රියදුරාගේ වෘෂණ කෝෂ ඉවත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මැදවච්චිය පොලිසියේ උප මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා මැයි මස 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරුන් වන රෝහණ සමන්ත සේනානායක සහ එස්.කපිල ජගත් සෙනෙවිරත්න යන දෙදෙනා කොන්දේසිවලට යටත්ව ඇප මත මුදාහැරීමට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.
කෙසේවෙතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් තවදුරටත් මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇති බවට වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඔවුන් දැනට ස්ථාන මාරු මත පදවිය සහ කැබිටිගොල්ලෑව පොලිසියට අනුයුක්තව සිටින බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබේ.
තවද, සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස එම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට දන්වා ඇතැයි රහස් පොලිස් පරීක්ෂකවරු අධිකරණයට දන්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart