May 8, 2024

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙම මස විසිවැනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පළාගියා සේ සළාකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

මීට පෙර, අදාළ විවාදය සඳහා මේ මාසයේ 7, 9, 13 හෝ 14 යන දිනයන් ලබාදුන් බව පැවසූ ජාජබ නායකයා, ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත්, එමනිසා අවසාන වශයෙන් විසිවැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරාගත හැකි අතර එම දිනයට තමාට කුමන කටයුත්තක් යෙදී තිබුණ ද අනිවාර්යයෙන්ම සහභාගි වන බවද ඔහු කීය.

එමනිසා මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම්දීම බව පැවසූ ජාතික ජන බලවේගයේ නායකයා එම දිනයේ හෝ ඊට පෙර ඔහු නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව හා විවාදයට සූදානම් යැයි පැවසීය. (ලංකාදීප)