
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවුරුදු 17ක සිසුවියකගේ සහ අවුරුදු 20ක තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබේ.
මහේස්ත්‍රාත්වරිය පිරිමි ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැඳවන ලදී.
සැකකරුවන් අක්මීමන ප්‍රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන අක්මීමන නාරාවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
පිරිමි ළමුන් දෙදෙනා රහසේ අදාළ දැරියගේ සහ තරුණියගේ ඡායාරූප ගෙන නිරුවත් ඡායාරූපවලට මුහුණු මාරුකර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.
මෙම තර්ජනයෙන් බියට පත් දැරිය සහ තරුණිය වැඩිහිටියන් මාර්ගයෙන් අකීමන පොලිසියට පැමිණිලි කර ඇත.
සාපරාධී බිය ගැන්වීම් සහ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් සැකපිට අක්මීමන පොලිසිය විසින් පිරිමි ළමුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
නඩුව ජූලි 15 වැනිදාට කල්තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart