
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක ගුවන් තොටුපොළේ On Arrival වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අද (06) පෙරවරුවේ විශේෂ ජනමාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදී, එය සජිව ලෙස නරඹමින් ඇමැතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න දිගින් දිගටම ජනමාධ්‍යවේදියකු වෙත යොමුකළ කැබිනට් ඇමැතිවරයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබේ.
ජනමාධ්‍ය හමුවට සහභාගිවූ ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු ජනමාධ්‍ය හමුවෙන් පසු ඒ සම්බන්ධයෙන් ඇමැති ටිරාන් අලස්ව දැනුවත් කර ඇතැයි පැවසේ.
මෙම ජනමාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කර සිටියේ, නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වැනි දින සම්මත වූ බවය.
වීසා ගාස්තු පිළිබඳ ගැටලුවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව පැවසූ ඇමැතිවරයා, නොවැම්බර් මාසයේ සම්මත වුවත් ETA හෙවත් ඉලෙක්ට්‍රොනික් සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය ඔස්සේ එම වෙනස්කම ක්‍රියාවට නැංවීමට නොහැකි නිසා අප්‍රේල් 17 වැනිදා දක්වා VFS ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට බලාසිටීමට සිදුවූ බව ද පැවසීය.
ETA ක්‍රමවේදයේ තිබූ දෝෂ හේතුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ බවත් පැවසු ඇමැතිවරයා, වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.
“ඩොලර් 75 එක ගැන විතරයි ඔය කතාව ගියේ. ඩොලර් 75 කියන්නේ මාස 6ක වීසා එකක්. double entry Visa එකක්. හැබැයි එතැනදි පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් වුණා. අපි දවස් 30 වීසා එක ඩොලර් 50ට තිබුණා. අපි මේක පාස් කරපු වෙලාවේ ඒක සිස්ටම් එකට දාන්න බැරි වුණා. ආපහු පාර්ලිමේන්තුවට යන්න වුණා ඒ නිසා. අපිට ගැසට් එකක් ගහන්න බෑ පාර්ලිමේන්තුවට යන්නේ නැතුව. මම රට යන්න කලින් රෙසිඩන්ට් වීසා එකක් එක්ක 50 එක පාස් කරලා ගියේ. ඒක සිස්ටම් එකට වැටෙනවා හෙට ඉඳලා. single entry visa එක දවස් 30ක ඩොලර් 50යි.”
“VFS සම්බන්ධයෙන් අපිට යෝජනාවක් එවලා තිබුණා. රට යන අය සියලුදෙනා දන්නවා VFS කියන්නේ මොකද්ද කියලා. රජයන් 67 රටවල් 151ක මධ්‍යස්ථාන 3,300ක විතර පාවිච්චි කරන කම්පැනි එකක්. ඒ සේවාව එක්ක තරග කරන්න කවුරුත් නෑ. ලෝකේ නම්බර් වන් එයාලා. ලෝකයේ හැම රටම පාවිච්චි කරන්නේ VFS. එක චෝදනාවක් තිබුණා ඉන්දියානු කම්පැනියක්. ඉන්දියන්කාරයෝ ඇවිත් අතන වාඩිවෙලා ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්දියානු කම්පැනියක් නෙමෙයි. black stone තමයි මේජර් ෂෙයාහෝල්ඩර්. VFS එකෙන් නිවේදනයක් අද නිකුත් කරයි එයාලා කවුද සහ ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියලා.”
මැයි 1 ප්රශ්නය පටන් ගත්තේ. එදා කවුන්ටර්වල හිටියේ ඉන්දියන් අය නෙමෙයි ලාංකිකයන්. මගේ ළඟ නම් ලැයිස්තුව තියෙනවා. 13 දෙනෙක් ලංකාවේ අය. අර කෑ ගහපු එක්කෙනා කියනවා මේ ඉන්දියන්කාරයෝ කියලා. අනික VFS එකට වීසා නිකුත් කරන්නත් බෑ. රිජෙක්ට් කරන්නත් බෑ. ආගමන විගමන කාර්යාලයෙන් තමා ඒක කරන්නේ. VFS එක කරන්නේ ඩොකියුමන්ට් චෙක්කරන එක විතරයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart