May 6, 2024

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ අංශයේ කලබලයක් ඇති කළ පුද්ගලයාට එරෙහිව පියවර ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අද ප්‍රකාශ කළේය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ සිද්ධිය රූගත කළ නිලධාරීන්ට එරෙහිව ද පියවර ගන්නා බවයි.

මේ අතර මීට පෙර වාර්තා වූයේ එම සිදුවීමට අදාළ තරුණයා අද පෙරවරුවේ කටුනායක පොලිසිය වෙත කැඳවා ප්‍රකාශයක් ද ලබාගෙන ඇති බවයි.

අදාළ සිද්ධිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන්ද කටුනායක පොලීසිය ඊයේ (05) සවස ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද වාර්තා විය.