
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ සහ ගාලු පාරේ අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම සහ රේස් පැදීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය විසින් යතුරුපැදි 20ක් සමග යතුරුපැදිකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදිකරුවන් සම්බන්ධයෙන් සෙනසුරාදා (මැයි 04) මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ විශේෂ වැටලීමකදී පොලිසිය විසින් එම යතුරුපැදි සහ යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඇතැම් යතුරුපැදිකරුවන් එක් දිශාවකට පමණක් ධාවනය කළ යුතු මාර්ගයක ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය කරමින් ඉදිරියෙන් එන වාහන අපහසුතාවයට පත් කරන ආකාරයත් අනෙක් යතුරුපැදිකරුවන් සිය යතුරුපැදි තනි රෝදයකින් පැදීවීම වැනි ප්‍රයෝගවල නිරත වන අයුරුත් වීඩියෝ දර්ශනවල දැක්වේ.
අත්අඩංගුවට ගනු ලැබූ යතුරුපැදි සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට නවීකරණය කර ඇති බව අනාවරණය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මාධ්‍ය වෙත කියා සිටියේ මෙම සැකකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart