
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වීසා නිකුත් කිරීමේ ගැටලුවලට විරෝධය පාමින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයා අද (06) උදෑසන ගුවන්තොටුපොළ පොලීසිය වෙත කැඳවා තිබේ.
සඳරුවන් කුමාරසිංහ වන හෙතෙම වෘත්තියෙන් නීතිවේදියකු වන බව වාර්තා වේ.
තම බිරිඳගේ පැමිණීමේ වීසා බලපත්‍රය අවලංගු කළ බවට චෝදනා කරමින් ඔහු විසින් වීසා නිකුත් කරන නිලධාරීන්ට දොස් පවරනු ලැබිණි.
මේ අතර ගුවන් තොටුපොළේ ඇති වූ එම කලහාකාරී තත්ත්වය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන්ද කටුනායක පොලීසිය ඊයේ (05) සවස ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව වාර්තා වේ.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ on-Arrival වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්දීය සම්බන්ධයක් ඇති පෞද්ගලික සමාගමකට පැවරීම හේතුවෙන් පසුගිය මැයි 1 වැනිදා ගුවන්තොටුපළේ අවුල් සහගත තත්ත්වයක් ඇති විය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart