
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිහිකල්පනාවේ වැදගත්කම යුනෙස්කෝව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා අන්තර්ජාතික තලයට ගෙනයෑමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පෙන්වාදෙයි.
කැලණිය නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනය පරිශ්‍රයේ පැවැති ගෝලීය සිහිබුද්ධිය පිළිබඳ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු පැවසුවේ, “දැනට ලොව පිළිගත් වෛද්‍ය විද්‍යාලවල පවා දේශන 30%කට සීමා වී ඇති අතර ප්‍රායෝගික අධ්‍යයනය සඳහා වැඩි ඉඩක් ලබාදී ඇත.” යනුවෙනි.
“ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අපි මේ පරිවර්තනීය අධ්‍යාපනික වෙනස කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන විග්රහයේ දී විද්‍යා හා තාක්ෂණ විෂය පදනම් කරගත් ඕනෑම අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියක මානසික ඒකාග්‍රතාවයට සුවිශේෂී ස්ථානයක් හිමිවන බව ද අනාවරණයවී තිබෙනවා.
පාසල් පද්ධතිය තුළ මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්රය තුළ ද සිසුන් නිසි මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව සංවර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන්ට පහසුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත වීමටත් ගුරුවරුන්ට නිසි ලෙස ඉගැන්වීමටත් අවස්ථාව සැලසෙනවා.” යනුවෙන් ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස සිදුකිරීමට අපේක්ෂා කරන බවද ඇමැති ප්‍රේමජයන්ත පැවැසීය.
ඒ අනුව තවත් පියවරක් ඉදිරියට තබමින් මැයි 23 වැනිදා පැරීසියේදී වෙසක් දිනය සමරන බවත් ඒ පිළිබඳ තොරතුරු යුනෙස්කෝව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart