May 4, 2024

ඉතාලියේ මාරෝලෝ නගර සභා කාර්යාලය අසල දී පෙරේදා (2) දහවල් කිරි ප්‍රවාහනය කරමින් තිබූ බර වාහනයක යතුරුපැදියක් ගැටීමෙන් එම යතුරුපැදිය පදවාගෙන ගිය ශ්‍රී ලාංකික 22 හැවිරිදි තරුණයකු බරපතළ තුවාල ලබා මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි අයේෂ් නමැති තරුණයෙකි.

මෙම තරුණයාගේ මව සහ පියා ද වසර ගණනාවක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටින අය වෙති.

මෙම ශ්‍රී ලාංකික තරුණයා පදවාගෙන ගිය යතුරුපැදිය කාර් රථයකට ඉස්සර කිරිමට උත්සාහ කළ අවස්ථාවේ කිරි ප්‍රවාහනය කරමින් තිබූ බර වාහනයේ ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ශ්‍රී ලාංකික තරුණයා රෝහල් ගත කළ අවස්ථාවේ ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගෙන ඇතත් එම උත්සාහය නිශ්ඵල වී ඇති බව වාර්තා වේ.(ලංකාදීප)