
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024’ තරගාවලියේදී ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණීල්ලකට අනුව මෙරටට පැමිණ සිටින ‘ඉන්දියන් කැන්ඩි සෑම්ප් ආමි’ කණ්ඩායමේ කළමනාකාර යෝගි පටෙල් යන අයට ලබන 14 දා මාතලේ මහාධිකරණයේ පෙනීසිටීමට නියෝග නිකුත් කර ඇතැයි ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේය.
තම බිරියගේ හදිසි ශල්‍යකර්මයක් සඳහා තම මවුරටට පිටත්ව යෑමට අවසර දෙන ලෙස ඉල්ලමින් යෝගි පටෙල් යන අය නීතිඥ සඳුන් නාගස්වත්ත මඟින් මෝසමකින් කරන ලද ඉල්ලීමකදී ඊට විරුද්ධ වෙමින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට එලෙස කරුණු සඳහන් කළේය.
මෙම සැකකරුට එරෙහිව මාතලේ මහාධිකරණයේ නිතිපතිවරයා නඟා ඇති අධිචෝදනා භාරදීම සඳහා ලබන 14 දා එහි පෙනීසිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර ඇති බව සඳහන් කළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය, එම සිතාසියේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව අදාළ දිනයේ මාතලේ මහාධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මේ ඉල්ලීම සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා එම සැකකරුට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart