
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වගකීමෙන් කටයුතු කරන ලෙස මෙරට මාධ්‍ය ආයතනවලට ජාතික ජන බලවේගය අනතුරු අඟවා තිබේ.
මිනීමැරුම්, ළමා හා කාන්තා අපචාර සහ දූෂණ චෝදනා එල්ල වූ කිසිදු පුද්ගලයකුට ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ජනාධිපති සමාවක් ලබා නොදෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
එවැනි පුද්ගලයන් ආරක්ෂා කිරීමට මාධ්‍ය සමාගම් බලය පාවිච්චි කිරීම වැරදි බව පෙන්වා දුන් දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය ආයතන තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටියේය.
“සමහර මාධ්‍ය ආයතනත් අද බුරන්න පටන් අරන්. තාම අපි නම් කියන්නේ නැහැ. තාම ඒගොල්ලන්ට නිවැරදි වීමේ අයිතිය තියෙනවා. දේශපාලනඥයන් විවේචනය කිරීමට ඕනෑම මාධ්‍ය ආයතනයකට අයිතිය තිබෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත් සමස්ත මාධ්‍ය භාවිතය තුළම ප්‍රහාරාත්මක ප්‍රවේශයකට ඉඩදිය නොහැකි බව දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.
“අපිව විවේචනය කරන්න. අපේ වැරදි පෙන්නා දෙන්න.අපි ඒවාට විවෘත දේශපාලන ව්‍යාපාරයක්. අපි වැරදි තියෙනවනම් පිළිගන්න ලෑස්ති දේශපාලන ව්‍යාපාරයක්. වැරදි හදාගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. හැබැයි දේශපාලන න්‍යාය පත්‍රවලට එල්ල කරන ප්‍රහාරවලට යටත් වෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. හිස නමන්නෙත් නැහැ, ”යනුවෙන් ඔහු අනතුරු ඇඟවීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළේ කොළඹදී ඊයේ පැවති ඔවුන්ගේ මැයි දින රැලිය අමතමිනි.
Our government will not pardon some criminals who own media houses – Anura Kumara assures. #Lka pic.twitter.com/7VYkIsDEzN
— Manjula Basnayake (@BasnayakeM) May 2, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart