
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘ඩුබායි කපිල’ නැමති පාතාල නායකයාගේ බවට සැකකෙරෙන හෙරොයින් කිලෝග්‍රෑම් 13ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් සොයාගෙන තිබේ.
නුගේගොඩ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලීසිය පවසයි.
හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 06ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 0.5ක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අඩංගු වී තිබී ඇත.
එසේම වැටලීමේදී රුපියල් ලක්ෂ 15ක මුදලක් ද සොයාගෙන තිබේ.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් ශිරාන් බාසික් වෙනුවෙන් මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන්නේ ඉසුරු නොහොත් කපිල බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබිණි.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් සහ 51 හැවිරිදි පිරිමි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.
කපිල වසර 2ක පමණ කාලයක් කුලියට ගත් නිවසක සිට මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් බෙදා හැර තිබේ.
පසුගිය සතියේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපිකරුවකු ද හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සහ රුපියල් මිලියන 4.9ක මුදල් සමඟ කොළඹදී අත්අඩංගුවට ගනු ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart