
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් අතර ඒඩ්ස් සහ අනෙකුත් සෞඛ්‍ය ගැටලු වැළැක්වීම සඳහා ස්පා හෝ සුවතා මධ්‍යස්ථාන මුවාවෙන් සිදුවන “නීති විරෝධී ගණිකා වෘත්තිය” නියාමනය කළ යුතු බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ පවසයි.
2023 වර්ෂයේදී අවම වශයෙන් නව HIV ආසාදිතයින් 695ක් මෙරටින් හඳුනාගෙන ඇති බවත් එය 2022 වසරට වඩා සියයට 14කින් ඉහළයෑමක් බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පසුගිය මාසයේ ප්‍රකාශ කර තිබිණි.
සංචාරක නිලධාරීන් පෙන්වා දෙන්නේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ පසුගිය වසර තුන තුළ දිවයින පුරා හතු පිපෙන ස්පා හෝ සුවතා මධ්‍යස්ථාන දැකිය හැකි බවයි.
කෙසේවෙතත්, මෙම ස්පා බොහෝමයක් සුවතා සේවාවක් සපයන්නේ නැති බව පෙනීගොස් තිබේ.
ජනාකීර්ණ කොළඹ තදාසන්න ප්‍රදේශයේ ස්පා 600ක් පමණ ඇති බව රාජ්‍ය සංචාරක ඇමැතිවරිය සඳහන් කළාය.
සත්‍යවාදීව මේ දෙස බැලිය යුතු බවත් ඇත්ත වශයෙන් ඒවා සුවතා මධ්‍යස්ථාන නොවන බව ද ඇය සඳහන් කළාය.
“අනිවාර්‍යෙන්ම රෙගුලාසි තිබිය යුතුයි. නීති විරෝධී ගණිකා වෘත්තියක් වෙනවා නම්, අපිට ඒක නවත්වන්න බැහැ. ඒක අපිට කවදාවත් නවත්තන්න බැරි වෙනවා. අපි කොච්චර උත්සාහ කළත් ඒක ලෝකේ කොතැනකවත් නතර කරන්න බැරි දෙයක්.” යනුවෙන් ඇය පවසයි.
නමුත් රටේ ජනතාවගේ සහ විශේෂයෙන් මෙම ස්ථානවල සේවය කරන පුද්ගලයන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් පවතින අනතුර නැවැත්විය යුතු බවත් ඔවුන් නිරෝගීව සිටින බවට සහතික වීම සඳහා නියාමනය කළ යුතු බවත් ඇය සඳහන් කළාය.
“මේ අවශ්‍යතාවට අපි සෞඛ්‍ය සම්පන්න ලෙස සැපයිය යුතුයි. රෙගුලාසි පනවා නීති යටතේ නියාමනය කළ යුතුයි. මම මේ ගැන දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී කතා කළා.” යැයි ද ඇය පැවසුවාය.
UNAIDS ඇස්තමේන්තුවට අනුව මෙරට වැඩිම HIV ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart