April 29, 2024

වැලිගම බාලිකා විද්‍යාල නේවාසිකාගාරයක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

විද්‍යාලයේ නේවාසිකාගාරය පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා සඳහන් කරයි.

මාතර නාගරික ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර ගින්න නිවාදැමීමට සහාය වී ඇත.

ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් අනාවරණ වී නොමැති අතර පසුගිය මාර්තු 03 වැනිදාද එම බාලිකා විද්‍යාලයේ තවත් එවැනිම සිදුවීමක් වාර්තා වී තිබිණි.