
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් කිසිදු පක්ෂයකට උදව් කිරීමට අදහසක් නොමැති බවත්, කැඩීබිඳී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩනැගීමට පමණක් හැකි තාක් කල් සහාය වන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.
අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී කුමාරතුංග කියා සිටියේ දශකයකට වැඩි කාලයක් තමන් නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිල් කිහිපයකට කැඩී ගොස් ඇති අතර එය ගොඩනැගිය යුතු බවයි.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා දැන් කණ්ඩායම් හයකට හතකට කැඩිලා. බිංදුවට වැටිලා” යනුවෙන් ඇය ප්‍රකාශ කළේ ජනතා අභිලාෂයන් නියෝජනය කරමින් වසර 40කට අධික කාලයක් රට පාලනය කළ පක්ෂයක තත්ත්වය ගැන දුක්වෙමිනි.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 40ක් මේ රට පාලනය කළා. පක්ෂ ආධාරකරුවන්ට යන්න තැනක් නැහැ. දේශපාලනයට පමණක් නෙවෙයි රට වෙනුවෙන් තරුණ නායකයන් බිහි කිරීමට මගේ දැනුම සහ අත්දැකීම් යොදාගෙන මට කළ හැකි දේ කිරීමට මම සැලසුම් කරනවා” යැයි ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනඥයන් බලය ලබාගැනීමට සහ එම බලයේ වරප්‍රසාද භුක්ති විඳීමට ඕනෑම දෙයක් කරන බව ද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.
“මම කවදාවත් එවැනි දේශපාලනයක් කළේ නැහැ. මට දැන් කිසිම දේශපාලකයෙක් එක්ක දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ,” යනුවෙන් ඇය පැවසුවාය.
“මට පක්ෂයේ සභාපතිකම ගන්න කිව්වා මම බෑ කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් මට්ටමකට දියුණු කළ හැකි නම් පමණයි මම උදව් කරන්නේ, ” යැයි ඇය තවදුරටත් පැවසුවාය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට සහාය දීමට තමන් අදහස් කරන බවට පැතිර යන ප්‍රකාශ කුමාරතුංග ප්‍රතික්ෂේප කළාය.
“දැන් කියන ලොකුම බොරුව තමයි චන්ද්‍රිකා එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න ඇවිත් කියලා. මට එහෙම අරමුණක් නැහැ,” යනුවෙන් ඇය පැවසුවාය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියුණු කරන්න පුළුවන් නම් මම උදව් කරනවා. මිනිස්සු පාරේ මා ළඟට ඇවිත් කියනවා ‘මැඩම් කරුණාකරලා ඇවිත් පක්ෂය භාරගන්න. අපි වැරද්දක් කරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්නා, අපි ආයේ දෙන්නේ නැහැ’ කියලා. ඒක නිසා මම උදව් කරනවා. නමුත් මට කිසිම පක්ෂයකට සහාය දෙන්න අදහසක් නැහැ,” යනුවෙන් ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart