
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ජනගහනයෙන් 10%ක් පමණ නිධන්ගත වකුගඩු රෝගවලින් පෙළෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව පවසයි.
වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධානතම හේතුව ජනගහන අතර දියවැඩියාව ඉහළ යෑම බව වෛද්‍ය හෙයියන්තුඩුව පෙන්වා දෙයි.
“විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වකුගඩු හානියට බලපාන ප්‍රධානතම සාධකය දියවැඩියා රෝගයයි. මෙම රෝගීන්ගේ වකුගඩු රෝගය වළක්වා ගැනීමට වඩා හොඳ දියවැඩියා පාලනයක් කළ යුතුයි.” යනුවෙන් ඔහු පැවසීය.
“ඊට අමතරව, වෛද්‍ය උපදෙස් පිළිපැදීම සහ සායනවලට නිසි ලෙස පැමිණීම ඉතා වැදගත්. ආහාරවල ලුණු, සීනි සහ තෙල් අධික ලෙස ගැනීම අවම කළ යුතුයි. මෙම රෝගය වළක්වා ගැනීම සඳහා නිරෝගී පුද්ගලයකු දිනකට ජලය ලීටර් තුන හමාරක් පමණ පානය කළ යුතුයි.” යැයි වෛද්‍ය හෙයියන්තුඩුව පෙන්වා දෙයි.
එක්සත් ජනපදයේ ජාතික වකුගඩු පදනමේ සංඛ්‍යාලේඛනවලට අනුව, ලෝක ජනගහනයෙන් සියයට 10ක් නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන අතර එය මරණ සඳහා 12 වැනි වඩාත් පොදු හේතුව වේ.
දැරිය හැකි ප්‍රතිකාර සඳහා ප්‍රවේශය නොමැතිකම හේතුවෙන් වාර්ෂිකව මිලියන ගණනක් මියයන බව ද එම දත්ත පෙන්වා දෙයි.
තවද, 2019 දී Global Burden of Disease Study විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව, නිදන්ගත වකුගඩු රෝගය පසුගිය වසර 30 තුළ සියයට 40කින් වැඩි වී ඇති අතර එය මරණ සඳහා වේගයෙන්ම ඉහළ යන ප්‍රධාන හේතුවක් බව පෙනීගොස් ඇත.
නිධන්ගතවකුගඩු රෝගවලට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ නාගරීකරණය වන ජනගහනයට වැඩි වැඩියෙන් ආවේණික දියවැඩියාව සහ අධි රුධිර පීඩනයයි.
නමුත් ග්‍රාමීය වශෙයන් ශ්‍රී ලංකාව පුරා, සාපේක්ෂ වශයෙන් නව සංසිද්ධියක් හඳුනාගෙන තිබේ.
පොළොන්නරුව සහ අනුරාධපුර උතුරු මැද දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක සහ සමහර අසල්වැසි දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ගෙන් සියයට 22.9ක් පීඩා විඳින “හේතුවක් නොපෙනෙන නිධන්ගත වකුගඩු රෝගය”ට විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයනයන් මගින් නිශ්චිත හේතුවක් සපයා නැත.
ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාවක සිටි, දැන් එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවේ ඩර්හැම් හි ඩියුක් විශ්වවිද්‍යාලයේ පරිසර විෂ විද්‍යාඥයෙකු ලෙස සේවය කර නිෂාද් ජයසුන්දර පවසන පරිදි ජාතික මට්ටමින්, ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් වකුගඩු රෝගවලට ගොදුරු වී තිබේ.
“රෝගය අසමානුපාතික ලෙස ගොවි ප්‍රජාවන්ට බලපා තිබෙනවා.වර්තමාන ඇස්තමේන්තුවලින් පෙන්නුම් කරන්නේ ලංකාවේ පුද්ගලයින් 20,000කට වැඩි පිරිසක් වකුගඩු අකර්මණ්‍ය වීමේ අවසාන අදියරේ සිටින බව. ඔවුන්ට විකල්ප කිසිවක් ඉතිරිව නැහැ. බලපෑමට ලක් වූ ප්‍රජාවගේ ජනගහනයෙන් සියයට 6 සිට 10 දක්වා “හේතුවක් නොපෙනෙන නිධන්ගත වකුගඩු රෝගය” ඇති බවට රෝග විනිශ්චය කර තිබෙනවා,” නිෂාද් ජයසුන්දර පවසයි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart