
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල කරඳගොල්ල 10 කණුව හා මලින්තගොල්ල යන ප්‍රදේශවල පෙරේදා(25) අලුයම සිට නායයෑමක් සක්‍රීය වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 10ක් පමණ කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මේ වන විට එම ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි භාගයක මෙම නායයෑම සිදුවී ඇති අතර එය අක්කර 30කට පමණ බලපා තිබේ.
මේ අතර මෙම නායයෑම තවදුරටත් සක්‍රීය වුවහොත් කරඳගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයට බලපෑම් සිදුවිය හැකි බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය පවසයි.
නායයෑමට ලක් වූ ප්‍රදේශයේ පදිංචිකරුවන් චෝදනා කරනු ලැබුවේ උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ උමඟට ජලය පිරවීමත් සමග මෙම ප්‍රදේශය නායයෑමට ලක්වූ බවයි.
2019 වර්ෂයේ සිටම ඉරිතලා, පොළව පහත්වීම ආරම්භ වුවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙම නායයෑම සිදු වූ ස්ථානය නිරීක්‍ෂණය කිරීම සඳහා ඊයේ (26දා) එම ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පැවැසූයේ නිසි පරිසර අධ්‍යයනයකින් තොරව ආරම්භ කළ උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ ප්‍රතිඵල අද වන විට මේ අයුරින් භුක්ති විඳීමට සිදුවී ඇති බවයි.
” අපි අවුරුදු ගාණක් තිස්සේ කිව්වා මේ අනතුර සිදුවෙනවා කියලා. නමුත් දේශපාලන හේතු ඉස්සරහට දාලා ඒවා වැහුවා. මේ නායයමින් තිබෙන ප්‍රදේශය ඉතා සශ්‍රීක ප්‍රදේශයක්. ඒ ජනතාවගේ දේපළ අද ගලෝගෙන යනවා. කවුද මේවාට වගකියන්නේ. උමාඔයේ හිලක් තියෙනවා කිව්වාම අපිට හිනාවුණ අයට අපි පෙන්නනවා මේ හිලේ ප්‍රතිඵල තමයි කියලා ” යැයිද සමන්ත විද්‍යාරත්න කීවේය.
මේ අතර බදුල්ල දිස්ත්‍රික් ආපදා නිලධාරි උදය කුමාර මේ පිළිබඳව අදහස් දක්වමින් පැවැසුවේ මේ වනතුරුත් මෙම නායයෑමට හේතුව විද්‍යාත්මකව තහවුරු කර නොමැති බැවින් උමාඔය ජලාශයේ ප්‍රතිඵලයක් දැයි පැවැසිය නොහැකි බවයි.
මෙම ස්ථානයේ භූමිය පරිහරණය කිරීමේදී දීර්ඝ කාලීනව සිදුවූ යම් යම් අවිධිමත් සහ භූමියේ ස්වරූපය හා ජලාපවහන පද්ධතිය මත පදනම්ව මෙම නායයෑම සිදු වී ඇති බවද හෙතෙම අවධාරණය කළේය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart