
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙකි.
කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුසිත ජයවංශ පිළිබඳව තොරතුරක් නොමැතිව අදට දින 6කි.
ඔහු පසුගිය 22 වනදා සිය වෙළෙඳසැලෙහි සේවකයෙක් සමඟ කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට ගොස් තිබිණි.
අදාළ නිවසට ගිය අවස්ථාවේ සිට ඔහු පිළිබඳ කිසිඳු තොරතුරක් මේ දක්වා ලැබී නොමැත.
අතුරුදන්වීමට පෙර සුසිත ගිය බව පැවසෙන නිවසේ හිමිකරු වන සිඟිති නමැති පුද්ගලයාගෙන් සුසිතගේ මිතුරෙකුට දුරකථන ඇමතුමක්ද ලැබී තිබිණි.
අතුරුදන් බව කියන සුසිතගේ මිතුරෙක් මෙසේ පවසා ඇත.
“අඟහරුවාදා රෑ 7:58ට සිඟිති කියන කෙනා මට කෝල් එකක් ගත්තා. මං තාත්තා කෙනෙක් වශයෙන් මගේ දුවට සාධාරණයක් කෙරුවා කිව්වා. දැන් වැඩක් නැහැ ඒක කතා කරලා. ඌව මම මරලා ඉවරයි කිව්වා. ආයේ ඌට එන්න හම්බවෙන්නේ නැහැ කිව්වා.”
මෙම සිද්ධිය පිළිබඳව කුලියාපිටිය පොලීසිය විමර්ශන මෙහෙයවන අතර ඊට අදාළ සැක සහිත මෝටර් රථයක්ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart