
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනකු එම රැකියා, ආහාරපාන සහ නවාතැන් පහසුකම් නොමැති වීම නිසා යුරෝපයේ අතරමං වී සිටින බව එම කණ්ඩායමේ සිටි, ලිතුවේනියාවෙන් පිටුවහල් කර පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් ඊයේ (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී පැවසූහ.
එම දෙදෙනා ඇතුළු ශ්‍රී ලාංකික 108 දෙනකු රජයේ මැදිහත්වීමෙන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී, රුපියල් ලක්ෂ 12 ක් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට ගෙවා බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීම සඳහා ලිතුවේනියාවට පිටත්ව ගොස් ඇත.
මෙසේ ලිතුවේනියාවේ සිට මෙරටට පැමිණි ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි එන්.ඩබ්ලිව්. ප්‍රියන්ත කටුනායක ගුවන් තොටුපොළේදී මෙසේ පැවසීය.
“ මම කොළඹ වරායේ බර වාහන රියැදුරකු ලෙස සේවය කරමින් සිටියා. මටම අයත් බර වාහන දෙකකුත් වරායේ සේවයට යොදවා තිබුණා. නමුත් ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන ආර්ථික තත්වය යටතේ එම වාහන විකුණා, රත්තරන් බඩු උගස් කර, අපි රජයේ මැදිහත්වීමෙන් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට රුපියල් ලක්ෂ 12ක් ගෙවා ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට යෑමට සූදානම් වුණා. මේ මුදලට අමතරව
ගුවන් ටිකට්පත් ඇතුළු තවත් බොහෝ දේ අපි මිලදී නවාතැන් පහසුකම් සලසා ගත්තා. ඊට අමතරව ගත්තා. ආහාරපාන වෙනම මිලදී ගත්තා.
අපි ලිතුවේනියාව බලා පිටත්ව යන උත්සව අවස්ථාවට අගමැති දිනේෂ් ගුණවර්ධනත් පැමිණ සහභාගී වී සිටියා. ඒ නිසා අපි විශාල බලාපොරොත්තුවක් රඳවා ගෙන තිබුණා. අප ශ්‍රී ලංකාවෙන් ගිය පිරිස අතරින් අපි ලිතුවේනියාවට ගියාට පසුව, එරට ‘මාන්වෙස්ටා’ සමාගම දෙදෙනකුට පමණක් බර වාහන රියැදුරු තනතුරු දී, අනෙක් පිරිස ඌරු කොටුවල රැකියා සඳහා යොමුකළා.
ඌරු කොටුවේ රැකියාවට අපි කැමැති වුනේ නැහැ. අපි සියලුදෙනා බර වාහන පැදවීම පිළිබඳ සුදුසුකම්ලත් රියැදුරන්. ඒ නිසා ලිතුවේනියා රජය වසර දෙකකට අපට දී තිබූ නේවාසික වීසා බලපත්‍ර අහෝසි කළා. ඊට පස්සෙ අපි දවසකට යුරෝ 10ක් වැයකර අපි මේ පිළිබඳ ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් වෙත දැනුවත් කිරීමෙන් පසුව මෙසේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා.”(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart