April 26, 2024

අධිකරණ නියෝගයක් නොතකා කටයුතු කළ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උලපනේ සුමංගල හිමියන් ඇතුළු පස්දෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

එහිදී එක් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

නාරාහේන්පිට – දාබරේ මාවතේ පිහිටි නිවාස ඉවත් කරන ලෙසට ලබාදුන් අධිකරණ නියෝගයට සැකකරුවන් බාධා කර ඇති බවට චෝදනා එල්ල විය.

සාක්ෂිකරුවන්ට බාධා නොකරන ලෙසට සැකකරුවන්ට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා, ඇප කොන්දේසි කඩ කළහොත් ඇප අවලංගු කළ හැකි බවටද අනතුරු ඇඟවීය.

මෙම නඩුව අගෝස්තු 5 වැනිදා යළි කැඳවීමට නියමිතය.