
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෙට්ටිකුලම මන්නාරම ප්‍රධාන මාර්ගයට කඩා වැදුණු වන අලි රංචුවක් මාර්ගයේ දුරකථන කණු කඩා දැමීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සංදේශ සේවා අඩාල වී තිබේ.
පොලීසිය පැවසුවේ, එම වන අලින් විසින් කිලෝමීටර් දෙකක් පමණ දුරකට දුරකථන කණු 16ක් කඩා දමා ඇති බවයි.
පොලිසිය කළ දැනුම්දීමක් මත ටෙලිකොම් නිලධාරීන් සහ සේවකයන් පිරිසක් පැමිණ දුරකථන මාර්ග අලුත්වැඩියා කිරීම ආරම්භ කර තිබිණි.
මීට පෙරද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart