
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන්හට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
2024 අප්‍රේල් මස 20 වැනි දින සිට 2024 මැයි මස 20 වැනි දින දක්වා ප්‍රකාශිත එම පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධ වී ඔවුන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීමට අවස්ථාව ලබාදී ඇත.
2024 අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ නිලධාරීන්ට හා සෙසු නිලයන්ට මෙම අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
යුද හමුදා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්, වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක්, අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායාස්ථ පිටපතක් (ඇත්නම් පමණක්) යන ලිපි ලේඛන සමග තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් රපෝර්තු කළයුතු බව ඔවුන් වැඩිදුරටත් දැනුම්දෙයි.
මෙම අවස්ථාව හිමිවන්නේ නිවාඩු නොමැතිව සේවයට වාර්තාකිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති පිරිසටය.
නීත්‍යනුකූලව යුද හමුදා සේවයෙන් ඉවත්වීමකින් තොරව විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයන්ටද නැවත රපෝර්තු කිරීමකින් තොරව තම රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධ වී මෙම පොදු සමා කාලය තුළ නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීමට පහසුකම් සලසා දී ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart