
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕමාන බොක්ක ප්‍රදේශයේ දැඩි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පෙරළුණු නෞකාවක සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ 21 දෙනකු ඉරාන හදිසි සේවා මගින් බේරාගත් බව ඊයේ එරට රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා කළේය.
කුක් අයිලන්ඩ්ස් ධජය සහිත තෙල් රැගත් යාත්‍රාව දකුණු ජස්ක් නගරයේ සිට කිලෝමීටර් 50 ක් (සැතපුම් 30) පමණ දුරින් අනතුරට ලක්ව ඇති බව IRNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
“ගලවා ගැනීමේ යාත්‍රාවක් ප්‍රදේශයට යවා ඇති අතර කාර්ය මණ්ඩලය 21 දෙනෙකු බේරාගෙන ඇත,” යැයි ජැස්ක් වරාය සහ සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂ මොහොමඩ් අමීන් අමානි උපුටා දක්වමින් IRNA වාර්තා කර තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් පස්දෙනෙකුට ජැස්ක් හදිසි සේවා මගින් ප්‍රතිකාර ලබා දී ඇති අතර මෙම නාවිකයන්ගේ ශාරීරික තත්ත්වය යහපත් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart