April 17, 2024

ශ්‍රී ලංකාව ඉහළ වර්ධනයක් කරා ළඟාකර ගැනීමට අපේක්ෂා කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ අසමානතා පිළිබඳ අවධානය යොමුකිරීම කිරීම ප්‍රධාන ප්‍රමුඛතාවක් බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

2022 දී මිලියන 8.5ක් වූ ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනයක් තුළ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ලැබී තිබුණේ සියයට 32.1ක් වශයෙනි.

එය ආර්ථික අර්බුදයට පෙර 2018 දී පැවති සියයට 33.6ටත් වඩා පහළ අගයකට පැමිණ තිබේ.

මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ආරක්ෂිත සහ දැරිය හැකි මට්ටමේ ළමා ආරක්ෂණ පහසුකම් නොමැතිකම, වැඩ කරන වේලාවන් සඳහා ප්‍රමාණවත් නම්‍යශීලී ප්‍රතිපාදන නොමැතිකම, කාන්තාවන්ට සමාජීය වශයෙන් පනවා ඇති භාරදූර ගෘහ වගකීම් සහ රැකවරණ රාජකාරි මෙන්ම කාන්තාවන් සඳහා පොදු ප්‍රවාහනය ප්‍රමාණවත් නොවීමයි.

පෞද්ගලික අංශය මෙම අඩුපාඩු යම් දුරකට විසඳා ඇති අතර, වැඩ කරන වේලාවන් නම්‍යශීලී ලෙස හඳුන්වාදීම සහ සමාන වැටුප් අනිවාර්ය කිරීම මගින් කාන්තා ශ්‍රම සහභාගීත්වය සඳහා රජයට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවට මුහුණ දිය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව සිය මෑත ඉදිරි දැක්ම වාර්තාවේ සඳහන් කරයි.

අවිධිමත් රැකියා විධිමත් කිරීමට සහ කම්කරුවන් සූරාකෑමෙන් ආරක්ෂා කිරීමට කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය බවද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදී තිබේ.