
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෞකාවක් ගැටී පසුගිය මාසයේ දී බැල්ටිමෝර් පාලමකඩා වැටීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නීතිය බලාත්මක කිරීමේ අදාළ ඒජන්සිය නිවේදනය කළේ සිය නියෝජිතයන් Dali භාණ්ඩ නෞකාව වැටළීමට ද කටයුතු කළ බවයි.
ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී Dali නෞකාව ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී තිබුණේ මාර්තු 26 වැනි දිනයි.
FBI ඒජන්සිය ඊයේ නිවේදනය කළේ අනතුර සම්බන්ධයෙන් “උසාවියෙන් බලයලත්” නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා නෞකාවට ගොඩ වූ බවයි.
FBI ඒජන්සිය වෙනත් පොදු තොරතුරු හෝ වැඩිදුර අදහස් දැක්වීමක් කර නොමැත.
භාණ්ඩ ප්‍රවාහන නෞකාව මාර්තු 26 දින අලුයම 1:30ට පමණ පාලම මතට කඩා වැදී තිබිණි.
විඩියෝ දර්ශනවල දැක්වුණේ පාලම ගැටී ජලයට සහ නැව මතට කඩා වැටෙන අයුරුයි.
අනතුර සිදුවන අවස්ථාවේ පාලමේ වැඩ කරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
මළ සිරුරු හයෙන් තුනක් කිමිදුම්කරුවන් විසින් පසුව සොයාගෙන තිබිණි.
FBI විමර්ශනයට හුරුපුරුදු මූලාශ්‍රයක් උපුටා දක්වමින්, ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබුණේ අනතුරට තුඩු දෙන සිදුවීම් සහ සියලුම ෆෙඩරල් නීති අනුගමනය කළේද යන්න පිළිබඳ පරීක්ෂණය කේන්ද්‍රගත වනු ඇති බවයි.
එක්සත් ජනපද නිලධාරීන් දෙදෙනෙකුට අනුව යමින් වොෂින්ටන් පෝස්ට් වාර්තා කර තිබුණේ ද, යාත්‍රාවේ බරපතළ පද්ධති ගැටලු ඇති බව දැනගෙන කාර්යමණ්ඩලය වරායෙන් පිටව ගියේද යන්න පිළිබඳ අවම වශයෙන් හෝ විමර්ශනය කරනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart